පාසල වෙත යන නෑගමනේ අතර මඟ!

More »

රළු ගල් ගති සියපත් පෙති බවට හැරේ!

More »

දුම්බර කෙතේ වැට තාමත් තියේදෝ!

More »

 

කම්පන මානය

කාල බෝම්බ ඕනෑ කර තිබේ!

- නාලක ගුණවර්ධන

ශ‍්‍රී ලංකාවේ මීට ඉහත පරම්පරාවක සිටි ප‍්‍රතිපත්තිගරුක වාමාංශික නායකයකු වූ බර්නාඞ් සොයිසා වරක් කොළඹ කනත්ත සුසාන භූමිය හඳුන්වා දුන්නේ ‘වාද විවාද – තර්ක විතර්ක කිසිවක් නොමැති වූ කොළඹ එක ම ස්ථානය’ හැටියටයි.

එ් කියන්නේ එතැනින් පිටත හැම තැනෙක ම අඩු වැඩි පමණින් සංවාද හා විසංවාද නිතිපතා සිදු වනවා. සමහරක් එ්වා පොදු අවකාශය තුළ – එනම් වේදිකා මත, සභා තුළ හෝ මාධ්‍ය හරහා. එහෙත් බහුතරයක් එ්වා පෞද්ගලික අවකාශය තුළ – එනම් ගෙදර දොර, කඩපිළේ, කාර්යාලවල, සමිති සමාගම් තුළ…

මෙකී නොකී හැම තැනෙක ම මිනිස්සු හා ගැහැණු තමන්ට අදාළ කාලීන මාතෘකා ගැන කථා බහ කරනවා. හැම දෙයක් ගැන හැම දෙනා ම එකඟ වෙන්නෙ නැහැ. බහුවිධ මතවලට ඉඩ තිබෙනවා. ඇත්තට ම විවිධත්වය මත පදනම් වූ විවෘත හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජවල එසේ විය යුතුයි. මතවලට ප‍්‍රතිචාර දක්වන්නට හා එ්වා සමඟ එකඟ නොවන්නට ඕනෑ ම කෙනකුට නිදහස තිබිය යුතුයි.

චින්තනයේ හා අදහස් ප‍්‍රකාශනයේ නිදහස විවෘත සංවාද සඳහා මූලික අවශ්‍යතාවක් වූවත්, එය පමණක් සෑහෙන්නේ ද නැහැ. සංවාද හරවත් වන්නේ ගවේෂණාත්මක තොරතුරු, නිරවුල් විග‍්‍රහයන් හා නව සිතුවිලි මත පදනම් වූ විටයි. එසේ නොමැතිව මතවාදයන් පමණක් කරපින්නා ගත්, විවෘත මනසකින් තොර වූ අය අතර හරවත් සංවාද හට ගන්නට ඉඩක් නැහැ.

අද ශ‍්‍රී ලංකාවේ අපට සොයා ගන්නට අපහසු වී ඇත්තේ මේ ආකාරයේ විවෘත හා හරවත් සංවාදයන්. එ් වෙනුවට අපට බොහෝ විට හමු වන්නේ යම් කාලීන ප‍්‍රශ්නයක් මතුපිටින් පමණක් විග‍්‍රහ කිරීම. සංඛ්‍යාත්මක බහුතරයක නැතහොත් අධිපතිවාදයක මතයක් පමණක් මතු වන්නට ඉඩ දීම. අනෙක් විකල්ප අදහස් බලහත්කාරයෙන් යටපත් කිරීම. නැත්තම් ස්වයං වාරණය.

ඇයි මේ තරම් ස්වාධීන අදහස්වලට බය?

මේ වගේ මහා ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන විට මා නිතර බලන්නෙ අපේ අසල්වැසි ඉන්දියාව දෙසයි. වර්ග, ගෝත‍්‍ර, ආගම්, මතවාද සිය ගණනක් ඉන්දියාවේ බිලියන් 1.2ක් පමණ වන ජනගහනය තුළ හමු වනවා. තනි ඉන්දියානු අනන්‍යතාවක් පවත්වා ගන්නා අතර, තම තමන්ගේ උප අනන්‍යතාවන් ද ඊට සමාන්තරව රැුක ගන්නට අවශ්‍ය ව්‍යවස්ථාමය, ව්‍යූහමය වගේ ම සංස්කෘතිකමය පසුබිමක් එ් රටේ තිබෙනවා.

ඉන්දියානුවන් බොහෝ කාරණා ගැන නිරතුරුව හා දැඩි සේ වාද විවාද කරනවා. ක‍්‍රිකට් වැනි තේමාවක් හැරුණු විට වෙනත් දේ ගැන ඔවුන් අතර එකඟත්වයක් ඇත්තේ ම නැති තරම්. එ් එ් විවිධත්වය තුළින් යම් සවියක් හා පන්නරයක් ද ඔවුන් ලබා ගන්නවා. වසර විස්සක් පුරා ඉන්දියාවට නිතර යන එන මට තාමත් මේ සංසිද්ධිය විශ්මයජනකයි.

ඉන්දියානු වාද විවාද ආවේගයන්ට පමණක් සීමා වන්නේ නැහැ. ඔවුන් අතර විශිෂ්ට ගණයේ පර්යේෂකයන්, චින්තකයන් හා නිර්මාණකරුවන් ඉන්නවා. අන්ත වාමාංශික සිට අන්ත දක්ෂිණාංශික දක්වා සමස්ත දේශපාලන මතවාද පරාසය ම තිබෙනවා. ඉතා ලිබරල් නිදහස් මතධාරීන්ගේ පටන් අන්තවාදී හා දරදඬු මතධාරීන් ද හමු වනවා. හැඟීම් උත්සන්න වී ඉඳහිට කලහකාරී වූවත්, බිලියනයකට අධික ජනකායක් දිවා ? වාද විවාද කරන ප‍්‍රමාණයේ තරමට ඔවුන්ට කෙතරම් සංයමයක් හා සෙසු මත දරා ගැනීමේ හැකියාවක් ඇත් ද යන්න අපට අනුමාන කළ හැකියි.

මගේ මුල් ම ඉන්දියානු හිත මිතුරකු වූයේ විද්‍යා ලේඛක හා පාරිසරික ක‍්‍රියාකාරික අනිල් අගර්වාල් (්බසක ්ට්රඅ්කල 1947 – 2002*. ලේඛකයන් හැටියට පොදු අවකාශය තුළ අප ලියන දෙයින් කෙටි කාලීනව හෝ දිගු කාලීනව හෝ ජන සමාජයට බලපෑමක් ඇති වේදැයි ඔහුත් මාත් විටින් විට මෙනෙහි කළා. සමහර වෙලාවට තර්කානුකූල නොවූ සංවාද දිග හැරෙනවා බලා සිටින විට අප මේ කරන්නේ මුනින් අතට හැර වූ කලගෙඩියක් වැනි සමාජයකට වතුර (අදහස්* වක් කිරීමක් දෝ යැයි සිතෙනවා.

එහෙත් කිසි දිනෙක අප අධෛර්යය නොවිය යුතු බවත්, අප ලියන දේ කියන දේ ජන සන්තානයට හෙමින් සීරුවේ කිඳා බසින බවත් අනිල් තරයේ විශ්වාස කළා. ඔහු නිතර උපුටා දැක්වූ කියමනක් තිබුණා. එය ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ හා පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු වූ ගුන්නාර් මයර්ඩාල් :ඨමබබ්ර ඵහරා්ක* 1972දී අනිල්ට පැවසූවක්.

‘‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. එ්වායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ එ්වා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’’

මේ තමයි එහි සරල අරුත. කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

අනිල් අකාලයේ මිය යන තුරු හැමදාමත් කිව්වේ මිනිසුන්ගේ ඔළුගෙඩි තුළ ඉක්මනින් ම පුපුරා යාමේ හැකියාව ඇති අදහස් සන්නිවේදනය කරමු කියායි. ටිකක් බිහිසුනු ආකාරයේ උපමිතියක් වූවත් අද අපට ලංකාවේත්, ලොව අන් හැම තැනකත් බෙහෙවින් උවමනා වී ඇත්තේත් ඉක්මනට පත්තු වන විදියේ අදහස් හා එ්වායේ නිසි සන්නිවේදනයයි.

සමහරුන්ට ඕනෑ අපේ සමාජය තනි මතයකට නතු වූ නිසරු කතරක් නැතහොත් නිසසල සුසාන භූමියක් කරන්න. එයට එකඟ නොවන අප දිගින් දිගට ම ‘මනසට කාල බෝම්බ’ නිර්මාණය කර මුදා හැරිය යුතුයි!

 

660 අදරාි 3 ෘැජ 2012

 

 

 

රළු ගල් ගති සියපත් පෙති බවට හැරේ

ලක්‍ෂමන් පියසේන

ලංකාවේ කීර්තිය දියත පැතිරෙන්නට හේතු වූ සිද්ධි කාරණා අතර, පුරාණයේදී ගලින් නිමැවුණු පිළිම, සඳකඩපහන, ගල් කණු ආදී කලා කෘති මුල් තැනක් ගත්තේය. සමාධි පිළිමය, ගල්විහාරය, අවුකන පිළිමය, බුදුරුවගල හා මාලිගාවිල පිළිම අදී ශෛලමය බුදුපිළිම ඒ සඳහා වූ ජීවමාන සාක්‍ෂි වේ. සමකාලීනව රටේ බලයට පත් රජවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු මේ ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අයත් වන්නේ මීට වසර දහසකට පමණ ඈත අතීතයටයි. විශේෂයෙන් යමක් සඳහන් කරනවානම් මහාවංශය ලියවෙන කාලය වන පස්වෙනි සියවසට එපිටදී ය. පස්වෙනි සියවසට පසුව හමුවන්නේ මේ නිර්මාණ සියල්ල ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ ට අයත් දේ බවට කියාපාන එමන්ම එහි ආශ්චර්ය ගැන අඟවන මහා ජේතවනය තරමට උස ‘වචන කඳු’ ය. ක‍්‍රියාව කතාවට පමණක් සීමා කරගෙන ජාතියක් ලෙස එහෙම කල් ගත කළ නිසාදෝ ගෙවුණු දශක ගණනාවක කාලයට ම අර ශෛලමය නිර්මාණ වැනි දේ මේ බිමේ බිහි නොවිණි.
‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ අධිපතිවාදයකට භාවිතා නොවුණු යුගයක එහෙම නිර්මාණ බිහි වුණ බවට හෝ එය අධිපතිවාදයක් ලෙස ගෙන කතාකරමින් සිටි කාලයේ එහෙම නිර්මාණ බිහි නොවුණු බවට හෝ සැසඳීම මෙහි අරමුණ නොවේ.
වසර දහසකට පමණ පසුව ලොව විශාලතම ශෛලමය සමාධි පිළිමය රාජ්‍ය අනුග‍්‍රහයෙන් තොරව, මහජන ආධාරයෙන් ම, මේ බිමේ බිහිවීමේ අපූරු කතන්දරය මෙයින් ඉදිරිපත් කෙරේ.
ඇෆ්ගනිස්තානයේ පිහිටා තිබුණු බාමියන් බුදු පිළිම 2001 මාර්තු මාසයේදී තලේබාන් අන්තවාදීන් විසින් විනාශ කරන ලද සිද්ධිය ඔබට මතකද? මේ ප‍්‍රවෘත්තිය රූපවානියෙන් දකින රම්බොඩගල්ල මොනරගල ප‍්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් පසු දිනෙක එනම් 2001 මාර්තු 16 දා මොනරගල විහාරයට පැමිණ, එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමියන් බැහැදැක මෙහෙම කතාවක් පවසන්නට වූහ.
”අපිත් බලා හිටිය ඇති. අපි හංදියේ මුස්ලිම් පල්ලිය කඩන්න ඕනෙ. අපි ඒකට ගහන්න යන බව කියන්නයි ආවෙ.”
දඹුලූ ගිහින් තලගොයි මරණ ජාතියේ ‘පැවිදි මුදලාළිලා’ ද බෞද්ධ සංස්කෘතිය උගසට තබා බල තණ්හාව සන්තර්පනය කරන ‘පැවිදි දේශපාලනය’ ද ආදර්ශ පිට ආදර්ශ සපයන්නේ ප‍්‍රචණ්ඩත්වය දෙසට වීම අනුව සලකන කල, තරුණ පරපුර එහෙම යෝජනාවක් පන්සලට ම ගෙන ඒම පුදුමයට කරුණක් නොවේ. එහෙත් අමරමෝලි නායක හිමියන් ළමයින්ගේ ආවේගයට පිලිතුරු දුන්නේ තව තවත් ඒ ආවේගය දළුලන ලෙස නොවේ. වෛර ගින්න මෛත‍්‍රියේ සිසිලසින් නිවී යන ලෙසිනි. සිත් වල පහන් සංවේගය මතුවන විලසිනි.

කොඩි ගහ යටදී නින්දෙන් අවදිවී ලියමි

කැළණි ගඟින්  කොළඹට එගොඩවීම

උදයසිරි වික‍්‍රමරත්න

බලන දුර්ගයෙන් ඇතුළු වූ ඉංග‍්‍රීසීන්ට උඩරට රාජ්‍යය යටත් කරගැනීමට හැකිවිය. එහෙත් කොළඹ යටත් කරගැනීමට සිතා කැළණි පාලමෙන් කොළඹට එගොඩ වූ අයට කොළඹ යටත් කරගැනීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් කොළඹට යටත්වීමයි. නොඑසේනම් කොළඹ සිරකරුවන් බවට පත්වීමයි. මෙය මගේ කතාව පමණක් නොවේ යැයි සිතමි.

අප සිත් තුළ මැවී ඇත්තේ දේශීය සිහින නොවේ. ජාත්‍යන්තර සිහිනය. ජාත්‍යන්තර සිහින ජයගැනීමේ මඟ වැටී ඇත්තේ කොළඹ හරහාය. කොළඹ ජයගැනීමට පැමිණියේ කොළඹ නතරවීමට නොව ලොවම ජයගැනීමටය. එහෙත් සිදු වූයේ ජාත්‍යන්තරය පමණක් නොව ගමත් අහිමිව අප කොළඹ සිරකරුවන් බවට පත්වීමය. මෙය මගේ කතාව පමණක් නොවේ යැයි සිතමි.

පොඩි කාලයේ කොළඹ ඒම තවත් ගමනක් පමණක් විය. එනම් කොළඹ ගමන අපේ ජීවිත ඉරණම හා බැඳී පවතින බවක් අපට නොසිතිණි. ඔරං උටන් සිටින සත්තුවත්ත, සත්තුවත්ත තුළ තිබුණු සිහින ලෝකයක් වැනි මින්මැදුර, තල්මහගේ ඇටසැකිල්ල සහිත කටු ගේ, කොළඹ එන අතර වඳින්නට ගිය කැළණිය, මෙය අපට කොළඹ විය. එකල කොළඹ, පැමිණ බලා නරඹා විනෝද විය යුතු තැනක් මිස වාසස්ථානය කරගතයුතු ස්ථානයක් යැයි අපට නොසිතණි. එහෙත් පසුව කොළඹ අපට අපේ ජීවිත ඉලක්කයක් විය. කැළණි පාලමෙන් බස් එක එගොඩවීමත් සමඟ හදවතේ ගැස්ම මඳක් වැඩි වී කොළඹ ආවා යැයි හැඟීම ඇතිවන්නට වූයේ මෙසේ කොළඹ ඉලක්කයක් වූ පසුය. කොළඹ ජයගෙන ජීවිතය ජයගැනීම අපේ අරමුණක් බවට පත් වූ පසුවය. කැළණි◊ පාලම උඩින් මෙසේ පැමිණියේ මා පමණක් නොවේ යැයි සිතමි. එසේ පැමි◊ණි අය අපමණ යැයි සිතිමි. ඒ කිසිවෙකුුට කොළඹ ජයගැනීමට හැකිවූයේ යැයි ද නොසිතමි. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් ජීවිතාන්තය දක්වා බරපතල සිරදඬුවම් විඳින කොළඹ සිරකරුවන් වීම යැයි සිතමි. සමහරවිට ඔවුන්ගේ සිරදඬුවම ජීවිතයෙන් ද අවසන් නොවනු ඇත්තේ ජීවිතය භංග වූ අපේක්ෂාවන් සහිතව ඔවුන් ජීවිතයෙන් සමුගන්නා බැවිනි.

ප‍්‍රතිසන්ධානය පටන්ගන්න ඕනෙ පංති කාමරෙන්

 

 -දේශබන්දු ‍ජසීමා ස්මයිල්

හදවත ඇහැරවන ශාන්ත සුවය හෙවත් හිතේ සන්තෘෂ්ඨිය, සොබාදහම හා යා වීමෙන් උපදින මිහිරක් බව අපූරු ලෙස චිත‍්‍රණය කරන, විලියම් වර්ඞ්ස්වර්ත් ගේ ‘ඩැෆඩෙල්ස්’ කවියට ඇය මහත්සේ ඇලූම් කළාය. ජීවිතය යනු තරගයක් නොව රසවින්දනයක් සේ සිතන්නට ඇය කුඩා කල සිටම පුරුදු වන්නේ සංසාර පුරුද්දක් ලෙසිනි. නැගෙනහිර පළාතේ, කල්මුණේ ඈත ගමේ තැනිතලාවේ වෙල්යායේ පැන දුව ගිය ඇගේ ජීවිතයට ඒ සැහැල්ලූව සතුට මේ පොළොවේදීම විඳගන්නට ඉඩ ලැබිණි. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ පාසල් ජීවිතයට පිවිසෙන විට තනියට ඇය රැුගෙන ආවේද හිතේ සතුට හා සැහැල්ලූවයි. ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබ ගුරු වෘත්තියට පිවිසෙන විටත් ජීවිතය ඇයට දැනෙන්ට වූයේ ‘ඩැෆඩෙල්ස්’ හි කියවෙන, ඉමක් කොනක් නැතිව පැතිරෙන නිම්න තැනිතලා යායට ඉහළින් පාවෙන හුදෙකලා වලාකුල ලෙසිනි.
”මට පොඩි කාලෙ ඉඳලම ගමේදිත් පාසලේදිත් හැම ජාතියකටම හැම ආගමකටම අයත් යාළුවො හිටිය. අපි අද වැඩිහිටියො විදියටත් එහෙම විශාල පිරිසක් එක්ක ඒ යාළු මිත‍්‍රකම් ඒ විදියටම පවත්වාගෙන යනව. අපේ ගමේ අපිත් එක්ක ඒ කලෙ දෙමළ අයත් ජීවත් වුණා. දෙමළ කාන්තාවන් කැලෙන් ගෙනත් විකුණන රස පළතුරු කන්නත් අපේම අය හදා විකුණන හබල පෙති කන්නත් ඒ කාලෙත් මම හරිම කැමතියි. ඒ කෑම වලින් මතුවෙන රසය මිස කවුද ඒවා විකුණන්නෙ මොන ජාතියේ අයද ඒව හදන්නෙ කියා විමසන වෙනසක් ගැන අපට දැනුනෙ නැහැ. යමක් කමක් තේරුම් වයසට එනකොට මම දැනගත්ත අපේ සමාජයේ ඌරු මස් නොකෑම හා දෙමළ සමාජයේ හරක් මස් නොකෑම. ඒ අනන්‍යතාව එහෙමම තියෙද්දි දෙගොල්ලන්ට ගැලපෙන ආහාර අපි දෙගොල්ල හුවමාරු කරගත්ත, කිසිම නොගැලපීමක් මතු කර ගන්නනෙ නැතිව. ඇත්තටම අපි තරුණ ශිෂ්‍ය අවදියේදි අපට හැමෝම එකම රටේ මිනිස්සු කියල හිතුන මිස අපේ අනන්‍යතාව ගැන අමුතුවෙන් හිතන්න කියන්න ඕන වුණේ නැහැ. එහෙත් අද අපේ සමාජය මුස්ලිම් අනන්‍යතාව මතු කරනව වගේම අනෙක් සමාජවල අයත් ජාතිය මොකක්ද කියල තමයි මුලට ගන්නෙ. එහෙම වෙනස්කමක් ඉස්මතුවන විටම හිතේ සතුට සැහැල්ලූව ඈතට යනව කියල මට හිතෙනව.”

ගීතමය කවුළුවකින් හදවතේ ලියවෙන වංශ කතාවට

බින්තැන්නෙන් පටන්ගත්ත ජෝතිපාල  ගඟින් එගොඩ කළ ‘තොටියා’ කවුද?

ලක්‍ෂමන් පියසේන

‘මහවැලි නදියේ අසබඩ සැදි ඒ මහියංගන තූපේ’ යනුවෙන් වසන්තා සන්දනායක ගයන ඒ අපූරු ගීතය දශක හයකට පමණ පසුව, අදත් ජනප‍්‍රියත්වයේ අඩුවක් වී නැත. 1953 වර්ෂයේ ග‍්‍රෑමපෝන් තැටියකට ගායනා කළ මේ ගීතය ප‍්‍රකට හින්දි ගීතයක තනුවට අනුව නිර්මාණය වූවකි. හින්දි ගීතය ඇතුළත් වූයේ 1952 විජය බාට් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘බව්ජි බවුරා’ චිත‍්‍රපටයටයි. ‘බව්ජි බවුරා’ සේම එහි ගීත ද ඉතා කෙටිකලකින්ම ඉහළ ජනප‍්‍රියත්වයක් අත් කර ගත් අතර චිත‍්‍රපටයේ සංගීතය සම්මානනීය භාරත සංගීතඥ නවුෂාඞ් ගේ වීමද ඊට හේතු වූවාට සැක නැත. මෙම චිත‍්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් 1954 දී නවුෂාඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලබීය. චිත‍්‍රපටයේ එන ගීත අතරින් සම්ෂාඞ් බෙගම් හා පිරිස ගයන ගීතයක තනුවට ගැලපෙන ලෙස ‘මහවැලි නදියේ….’ සිංහල පදමාලාව ආනන්ද සරත් විමලවීර විසින් ලියන ලදී. සිංහල ගීතයේ සංගීතය එම්. වින්සන්ට් පෙරේරා ගෙනි.