Category Archives: Uncategorized

ගීතමය කවුළුවකින් හදවතේ ලියවෙන වංශ කතාවට

බින්තැන්නෙන් පටන්ගත්ත ජෝතිපාල  ගඟින් එගොඩ කළ ‘තොටියා’ කවුද?

ලක්‍ෂමන් පියසේන

‘මහවැලි නදියේ අසබඩ සැදි ඒ මහියංගන තූපේ’ යනුවෙන් වසන්තා සන්දනායක ගයන ඒ අපූරු ගීතය දශක හයකට පමණ පසුව, අදත් ජනප‍්‍රියත්වයේ අඩුවක් වී නැත. 1953 වර්ෂයේ ග‍්‍රෑමපෝන් තැටියකට ගායනා කළ මේ ගීතය ප‍්‍රකට හින්දි ගීතයක තනුවට අනුව නිර්මාණය වූවකි. හින්දි ගීතය ඇතුළත් වූයේ 1952 විජය බාට් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘බව්ජි බවුරා’ චිත‍්‍රපටයටයි. ‘බව්ජි බවුරා’ සේම එහි ගීත ද ඉතා කෙටිකලකින්ම ඉහළ ජනප‍්‍රියත්වයක් අත් කර ගත් අතර චිත‍්‍රපටයේ සංගීතය සම්මානනීය භාරත සංගීතඥ නවුෂාඞ් ගේ වීමද ඊට හේතු වූවාට සැක නැත. මෙම චිත‍්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් 1954 දී නවුෂාඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලබීය. චිත‍්‍රපටයේ එන ගීත අතරින් සම්ෂාඞ් බෙගම් හා පිරිස ගයන ගීතයක තනුවට ගැලපෙන ලෙස ‘මහවැලි නදියේ….’ සිංහල පදමාලාව ආනන්ද සරත් විමලවීර විසින් ලියන ලදී. සිංහල ගීතයේ සංගීතය එම්. වින්සන්ට් පෙරේරා ගෙනි.

සුන්දරත්වය නිසා වැනසෙන දුම්බර

කුසුම්සිරි විජයවර්ධන

මහරජ තොපට මෙන්ම සියලූු සිව්පා සතුන්ට ද පක්ෂීන්ට ද මේ දේශයේ විසීමට හා හැසිරීමට අයිතියක් ඇති බව මිහිඳු හිමි දෙවන පෑතිස් රජුට පැවසුයේ කි‍්‍ර. පූ. තුන්වන සියවසේදී ය. එහෙත් අද අපේ රටේ වනාන්තරවල සතා සතුන්ගේ පමණක් නොව ගහකොළවල ද ජීවත්වීමේ අයිතිය පැහැරගෙන ඇත. දුම්බර වනාන්තරය එ් අතරට අයත් ප‍්‍රමුඛ වනපෙතකි.
දුම්බර පරිසරය සහ කඳුවැටි විස්තර කරන ජනකවි රාශියක් එ් අවට පැතිර පවතී. එයින් හෙළිවන්නේ අතීත ගැමියා මේ වනාන්තරය දෙස ගෞරවයෙන් බැලූ බව නොවේද? ඔහු කිතුලක් මදිමින් හෝ හේනක් කොටමින් සිය ජීවිකාව වනාන්තරය ආශ‍්‍රයෙන් සරිකර ගත්තත් එය මහා පරිමාණයෙන් විනාශ කිරීමට පෙළඹුණේ නැත. එ් දුම්බර ගැමියා වනයට ආදරය කළ නිසා ය. මේ දුම්බර ගැන කියැවුණු ජනකවියකි.
ඌරුගල ද වෑගලකන්ද දුනුවිල
වෑතල නැමදගල මැදමහනුවරගල
සීත සුළං අසබඩ කන්ද රංගල
පාමුල ඉමේ උඩදුම්බර ලකේගල

එක් වෙමු ලංකා යාපනය සමුළුව

එක් වෙමු ශ‍්‍රී ලංකා මඟින් වාර්ෂිකව සංවිධානය කරන අනාගත නායකත්ව සමුළුවට මෙවර ජය බිම වී තිබුණේ යාපනය, වඩුක්කොඩෙයි හින්දු විද්‍යාලයයි. ඉකුත් අගෝස්තු 28 වැනිදා ඇරඹී, සැප්තැම්බර් 1 වැනිදා අති සාර්ථක ලෙස නිමාවට පත් වූ හතරවැනි අනාගත නායකත්ව සමුළුව, වැසි නැතිව පිපාසිත යාපනයට තවත් විදියක සොඳුරු වැස්සක් ම විය. මේ වැස්සෙන් ගලා ගියේ තරුණ ශිෂ්‍ය හදවත් වෙතින් උතුරා ගිය ආදරය දයාව කරුණාව සමගිය වේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව නියෝජනය කරමින් දිවයිනේ දසතින් යාපනයට රැුස්වූ මේ තරුණ පරපුර තමන් එකම මවකගේ දරු කැලක් ම බව අපූරුවට පසක් කළේය. දින පහකට පසුව විසිර යන මොහොත එළඹියාට පසුව ඒ සියලූ දෙනාගේම දෑස් ආදර කඳුලකින් තෙමී ගියේ ඒ සහෝදරත්වයේ තරම මොනවට පැහැදිළි කරමිනි. යාපනයට මෙන්ම මුළු මහත් දිවයිනටම අද වුවමනා වී ඇත්තේ එහෙම ආදර බැඳීමක සංහිඳියාවක් බව එකිනෙකා සමුගත් මොහොතේ ඒ සැම දෙනාගේම දෑස්වල ලියවී තිබිණි. අනාගත නායකයින් ලෙස ඔවුන් එකිනෙකා තම පාසලට නිවසට නෑදෑයින් අතරට රැුගෙන ගියේ අන්න එහෙම ප‍්‍රතිසංන්ධානයක අවශ්‍යතාවයයි. හදවතින්ම බැඳෙන්නට වුවමනා ප‍්‍රතිසන්ධානයක වුවමනාවයි. ඇත්තටම අද මුළු මහත් ශ‍්‍රී ලංකාවම පිපාසිතව ඇත්තේ එකිනෙකා තම හදවත් වලින්ම සන්ධානගත විය යතු බව කියවෙන, ඔවුනොවුන් හදවතින්ම එක්වෙමුයි පැවසෙන, සියලූම ජාතීන් ලක්මවගේ එකම දරු කැලක් බව වටහාගතයුතු යැයි ඉල්ලන මානුෂීය ඕනෑකමකින් නොවේද?