Monthly Archives: November 2012

ප‍්‍රතිසන්ධානය පටන්ගන්න ඕනෙ පංති කාමරෙන්

 

 -දේශබන්දු ‍ජසීමා ස්මයිල්

හදවත ඇහැරවන ශාන්ත සුවය හෙවත් හිතේ සන්තෘෂ්ඨිය, සොබාදහම හා යා වීමෙන් උපදින මිහිරක් බව අපූරු ලෙස චිත‍්‍රණය කරන, විලියම් වර්ඞ්ස්වර්ත් ගේ ‘ඩැෆඩෙල්ස්’ කවියට ඇය මහත්සේ ඇලූම් කළාය. ජීවිතය යනු තරගයක් නොව රසවින්දනයක් සේ සිතන්නට ඇය කුඩා කල සිටම පුරුදු වන්නේ සංසාර පුරුද්දක් ලෙසිනි. නැගෙනහිර පළාතේ, කල්මුණේ ඈත ගමේ තැනිතලාවේ වෙල්යායේ පැන දුව ගිය ඇගේ ජීවිතයට ඒ සැහැල්ලූව සතුට මේ පොළොවේදීම විඳගන්නට ඉඩ ලැබිණි. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ පාසල් ජීවිතයට පිවිසෙන විට තනියට ඇය රැුගෙන ආවේද හිතේ සතුට හා සැහැල්ලූවයි. ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබ ගුරු වෘත්තියට පිවිසෙන විටත් ජීවිතය ඇයට දැනෙන්ට වූයේ ‘ඩැෆඩෙල්ස්’ හි කියවෙන, ඉමක් කොනක් නැතිව පැතිරෙන නිම්න තැනිතලා යායට ඉහළින් පාවෙන හුදෙකලා වලාකුල ලෙසිනි.
”මට පොඩි කාලෙ ඉඳලම ගමේදිත් පාසලේදිත් හැම ජාතියකටම හැම ආගමකටම අයත් යාළුවො හිටිය. අපි අද වැඩිහිටියො විදියටත් එහෙම විශාල පිරිසක් එක්ක ඒ යාළු මිත‍්‍රකම් ඒ විදියටම පවත්වාගෙන යනව. අපේ ගමේ අපිත් එක්ක ඒ කලෙ දෙමළ අයත් ජීවත් වුණා. දෙමළ කාන්තාවන් කැලෙන් ගෙනත් විකුණන රස පළතුරු කන්නත් අපේම අය හදා විකුණන හබල පෙති කන්නත් ඒ කාලෙත් මම හරිම කැමතියි. ඒ කෑම වලින් මතුවෙන රසය මිස කවුද ඒවා විකුණන්නෙ මොන ජාතියේ අයද ඒව හදන්නෙ කියා විමසන වෙනසක් ගැන අපට දැනුනෙ නැහැ. යමක් කමක් තේරුම් වයසට එනකොට මම දැනගත්ත අපේ සමාජයේ ඌරු මස් නොකෑම හා දෙමළ සමාජයේ හරක් මස් නොකෑම. ඒ අනන්‍යතාව එහෙමම තියෙද්දි දෙගොල්ලන්ට ගැලපෙන ආහාර අපි දෙගොල්ල හුවමාරු කරගත්ත, කිසිම නොගැලපීමක් මතු කර ගන්නනෙ නැතිව. ඇත්තටම අපි තරුණ ශිෂ්‍ය අවදියේදි අපට හැමෝම එකම රටේ මිනිස්සු කියල හිතුන මිස අපේ අනන්‍යතාව ගැන අමුතුවෙන් හිතන්න කියන්න ඕන වුණේ නැහැ. එහෙත් අද අපේ සමාජය මුස්ලිම් අනන්‍යතාව මතු කරනව වගේම අනෙක් සමාජවල අයත් ජාතිය මොකක්ද කියල තමයි මුලට ගන්නෙ. එහෙම වෙනස්කමක් ඉස්මතුවන විටම හිතේ සතුට සැහැල්ලූව ඈතට යනව කියල මට හිතෙනව.”

ගීතමය කවුළුවකින් හදවතේ ලියවෙන වංශ කතාවට

බින්තැන්නෙන් පටන්ගත්ත ජෝතිපාල  ගඟින් එගොඩ කළ ‘තොටියා’ කවුද?

ලක්‍ෂමන් පියසේන

‘මහවැලි නදියේ අසබඩ සැදි ඒ මහියංගන තූපේ’ යනුවෙන් වසන්තා සන්දනායක ගයන ඒ අපූරු ගීතය දශක හයකට පමණ පසුව, අදත් ජනප‍්‍රියත්වයේ අඩුවක් වී නැත. 1953 වර්ෂයේ ග‍්‍රෑමපෝන් තැටියකට ගායනා කළ මේ ගීතය ප‍්‍රකට හින්දි ගීතයක තනුවට අනුව නිර්මාණය වූවකි. හින්දි ගීතය ඇතුළත් වූයේ 1952 විජය බාට් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘බව්ජි බවුරා’ චිත‍්‍රපටයටයි. ‘බව්ජි බවුරා’ සේම එහි ගීත ද ඉතා කෙටිකලකින්ම ඉහළ ජනප‍්‍රියත්වයක් අත් කර ගත් අතර චිත‍්‍රපටයේ සංගීතය සම්මානනීය භාරත සංගීතඥ නවුෂාඞ් ගේ වීමද ඊට හේතු වූවාට සැක නැත. මෙම චිත‍්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් 1954 දී නවුෂාඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලබීය. චිත‍්‍රපටයේ එන ගීත අතරින් සම්ෂාඞ් බෙගම් හා පිරිස ගයන ගීතයක තනුවට ගැලපෙන ලෙස ‘මහවැලි නදියේ….’ සිංහල පදමාලාව ආනන්ද සරත් විමලවීර විසින් ලියන ලදී. සිංහල ගීතයේ සංගීතය එම්. වින්සන්ට් පෙරේරා ගෙනි.

සුන්දරත්වය නිසා වැනසෙන දුම්බර

කුසුම්සිරි විජයවර්ධන

මහරජ තොපට මෙන්ම සියලූු සිව්පා සතුන්ට ද පක්ෂීන්ට ද මේ දේශයේ විසීමට හා හැසිරීමට අයිතියක් ඇති බව මිහිඳු හිමි දෙවන පෑතිස් රජුට පැවසුයේ කි‍්‍ර. පූ. තුන්වන සියවසේදී ය. එහෙත් අද අපේ රටේ වනාන්තරවල සතා සතුන්ගේ පමණක් නොව ගහකොළවල ද ජීවත්වීමේ අයිතිය පැහැරගෙන ඇත. දුම්බර වනාන්තරය එ් අතරට අයත් ප‍්‍රමුඛ වනපෙතකි.
දුම්බර පරිසරය සහ කඳුවැටි විස්තර කරන ජනකවි රාශියක් එ් අවට පැතිර පවතී. එයින් හෙළිවන්නේ අතීත ගැමියා මේ වනාන්තරය දෙස ගෞරවයෙන් බැලූ බව නොවේද? ඔහු කිතුලක් මදිමින් හෝ හේනක් කොටමින් සිය ජීවිකාව වනාන්තරය ආශ‍්‍රයෙන් සරිකර ගත්තත් එය මහා පරිමාණයෙන් විනාශ කිරීමට පෙළඹුණේ නැත. එ් දුම්බර ගැමියා වනයට ආදරය කළ නිසා ය. මේ දුම්බර ගැන කියැවුණු ජනකවියකි.
ඌරුගල ද වෑගලකන්ද දුනුවිල
වෑතල නැමදගල මැදමහනුවරගල
සීත සුළං අසබඩ කන්ද රංගල
පාමුල ඉමේ උඩදුම්බර ලකේගල

අධ්‍යාපනය සමාජ සමානකරණ යාන්ත‍්‍රණයක් සේ

ලියනගේ අමරකීර්ති

අධ්‍යාපනය නිදහස් නූතන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම සමාජ සාධරණීකරණ යාන්ත‍්‍රනය බවට සැකයක් නැත. ශ‍්‍රී ලංකාව නූතන සමාජයක් ලෙස සංවිධානය වීමේ කාර්යත් නිදහස් සටනේම කොටසක් ලෙස පැවතුණ බව පෙනේ. නිදහස් ව්‍යාපාරයේ සියලූ දෙනා සැමටම සමාන අධ්‍යාපන අවස්ථා තිබිය යුතුය යන අදහස දැරුවේද යන්න විවාදාත්මක කාර්යක් බව ඇත්තය. එහෙත් දහනව වෙනි සියවසේ මුල සිටම වර්ධනය වූ නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ කතිකාව තුළ අධ්‍යාපනය විශාල මාතෘකාවක් විය. මේ කතිකාවට විවිධ පාර්ශ්වයන් සහභාගි විය. නූතන අධ්‍යාපනය හුදෙක් යටත්විජිත අධ්‍යාපනයක් යැයි ඇතැම් ජාතිකවාදීන් නගන තර්කය ආංශික තර්කයකි. එමගින් සීමාන්තික ජාතිකවාදීන් තම දේශපාලන ව්‍යාපෘති ඉදිරියට තල්ලූ කිරීමට තැත් කළත් අධ්‍යාපනය යන විෂය හුදෙක් යටත්විජිත ව්‍යාපෘතියේම කොටසක් නොවේ. එකල විවිධ තලවල බුද්ධිමත්තු අධ්‍යාපනය පිළිබඳ කතිකාවට දායක වූහ. යටත්විජිතවාදයට විරුද්ධ බටහිර බුද්ධිමතුන්, ලිබරල් අධ්‍යාපනය පිළිබඳ විමුක්තිකාමී අදහස් දැරූ කිතුණු බුද්ධිමතුන්, ජාතික නිදහස් කතිකාවේ යෙදී සිටි විවිධ පන්තිමය හා දෘෂ්ටිමය ආස්ථාන දැරූ බුද්ධිමතුන් මේ අධ්‍යාපනය පිළිබඳ කතිකාවේ කොටස්කරුවන් වී යැයි පෙනේ. ඒ අතර යටත්විජිතවාදියෝද මිෂනාරීහුද සිටියහ. එහි කිසිම සැකයක් නැත. එහෙත් අප රට නූතන අධ්‍යාපනය හුදෙක් යටත්විජිත ව්‍යාපෘතියකියි කීම යථාර්ථය අතිසරල කිරීමකි.

ඒලෙවල් සමඟ ජීවිතය ද ගොඩදැමීම

උදයසිරි වික‍්‍රමරත්න

මම ඒ ලෙවල් කළේ මෙයට අවුරුදු විසිහතරකට පමණ පෙරය. ඒ ලෙවල් කර අවුරුදු තුන හතරකින් පමණ කසාද බැන්ඳ නම් මට මේ වන විට ඒ ලෙවල් කරන දරුවන් ද සිටිය යුතුය. කෙසේ වුවත් තරමක ආඩම්බරයකින් කිවහැක්කේ ඒ ලෙවල් කෙසේ වෙතත් එන අවුරුද්දේ ඕ ලෙවල් කරන දැරියක නම් මට සිටින බවය.
ඒ ලෙවල් කර අවුරුදු විසිතුනකට පසුව මම නැවතත් ඒ ලෙවල් දරුවෙකුගේ මානසිකත්වය සොයායෑමට උත්සාහ කරමි. මෙය එතරම් අසීරු වූවක් ද නොවන්නේ අවශ්‍ය නම් කුමන වැඩිහිටියෙකුට වුවත් මොහොතකින් බිළිඳෙකු වීමට හැකි බැවිනි. එහෙත් එසේ බිළිඳෙකු වීමට හැකි වුවත් ඒ ලෙවල් දරුවෙකු වීම නම් එයට වඩා තරමක් අපහසුය. මක්නිසාද යත් ඒ ලෙවල් කාලය යනු අප බොහෝ දේ දැඩිව ග‍්‍රහණයට ගන්නා සමය වන බැවිනි. කොහොමත් යොවුන් හා තරුණ විය තරමක් අන්තවාදී වේ. පේ‍්‍රමය වෙනුවෙන් වැඩියෙන් ම ළතැවෙන්නෝ හා කරදර ≥දුක් කරදර ළඟාකරගන්නෝ අයිතිවන්නේ මේ වයස් කාණ්ඩයටය. පේ‍්‍රමය වෙනුවෙන් පමණක් නොව දේශපාලනය වෙනුවෙන් ද වැඩිම කරදර ළඟාකරගන්නෝ හා කැපකිරීම් කරන්නෝ අයත් වන්නේ මේ වයස්වලටය. ඒ අනුව යොවුන් විය යනු තරමක වේගවත් සමයකි.