ප‍්‍රතිසන්ධානය පටන්ගන්න ඕනෙ පංති කාමරෙන්

Font Size » Large | Small


 

 -දේශබන්දු ‍ජසීමා ස්මයිල්

හදවත ඇහැරවන ශාන්ත සුවය හෙවත් හිතේ සන්තෘෂ්ඨිය, සොබාදහම හා යා වීමෙන් උපදින මිහිරක් බව අපූරු ලෙස චිත‍්‍රණය කරන, විලියම් වර්ඞ්ස්වර්ත් ගේ ‘ඩැෆඩෙල්ස්’ කවියට ඇය මහත්සේ ඇලූම් කළාය. ජීවිතය යනු තරගයක් නොව රසවින්දනයක් සේ සිතන්නට ඇය කුඩා කල සිටම පුරුදු වන්නේ සංසාර පුරුද්දක් ලෙසිනි. නැගෙනහිර පළාතේ, කල්මුණේ ඈත ගමේ තැනිතලාවේ වෙල්යායේ පැන දුව ගිය ඇගේ ජීවිතයට ඒ සැහැල්ලූව සතුට මේ පොළොවේදීම විඳගන්නට ඉඩ ලැබිණි. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ පාසල් ජීවිතයට පිවිසෙන විට තනියට ඇය රැුගෙන ආවේද හිතේ සතුට හා සැහැල්ලූවයි. ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබ ගුරු වෘත්තියට පිවිසෙන විටත් ජීවිතය ඇයට දැනෙන්ට වූයේ ‘ඩැෆඩෙල්ස්’ හි කියවෙන, ඉමක් කොනක් නැතිව පැතිරෙන නිම්න තැනිතලා යායට ඉහළින් පාවෙන හුදෙකලා වලාකුල ලෙසිනි.
”මට පොඩි කාලෙ ඉඳලම ගමේදිත් පාසලේදිත් හැම ජාතියකටම හැම ආගමකටම අයත් යාළුවො හිටිය. අපි අද වැඩිහිටියො විදියටත් එහෙම විශාල පිරිසක් එක්ක ඒ යාළු මිත‍්‍රකම් ඒ විදියටම පවත්වාගෙන යනව. අපේ ගමේ අපිත් එක්ක ඒ කලෙ දෙමළ අයත් ජීවත් වුණා. දෙමළ කාන්තාවන් කැලෙන් ගෙනත් විකුණන රස පළතුරු කන්නත් අපේම අය හදා විකුණන හබල පෙති කන්නත් ඒ කාලෙත් මම හරිම කැමතියි. ඒ කෑම වලින් මතුවෙන රසය මිස කවුද ඒවා විකුණන්නෙ මොන ජාතියේ අයද ඒව හදන්නෙ කියා විමසන වෙනසක් ගැන අපට දැනුනෙ නැහැ. යමක් කමක් තේරුම් වයසට එනකොට මම දැනගත්ත අපේ සමාජයේ ඌරු මස් නොකෑම හා දෙමළ සමාජයේ හරක් මස් නොකෑම. ඒ අනන්‍යතාව එහෙමම තියෙද්දි දෙගොල්ලන්ට ගැලපෙන ආහාර අපි දෙගොල්ල හුවමාරු කරගත්ත, කිසිම නොගැලපීමක් මතු කර ගන්නනෙ නැතිව. ඇත්තටම අපි තරුණ ශිෂ්‍ය අවදියේදි අපට හැමෝම එකම රටේ මිනිස්සු කියල හිතුන මිස අපේ අනන්‍යතාව ගැන අමුතුවෙන් හිතන්න කියන්න ඕන වුණේ නැහැ. එහෙත් අද අපේ සමාජය මුස්ලිම් අනන්‍යතාව මතු කරනව වගේම අනෙක් සමාජවල අයත් ජාතිය මොකක්ද කියල තමයි මුලට ගන්නෙ. එහෙම වෙනස්කමක් ඉස්මතුවන විටම හිතේ සතුට සැහැල්ලූව ඈතට යනව කියල මට හිතෙනව.”
ඇගේ ජීවිත ගමනට එකතු වුණේ එහෙම අරුතකි. වයසත් සමඟ වැඩෙන්නට වූ මේ දැක්ම මානව සමාජයේ යහපත, අයිතිය, සුභසාධනය, වගකීම වෙනුවෙන් කැපවීම දක්වා පුළුල් තලයකට ගෙනෙන්නට ඇය සමත් වන්නීය. ඇය කෙලිසෙල්ලම් කළේ ද විෂය කරුණු ඉගෙන ගත්තේ ද ගැයුම් වැයුම් රැුඟුම් පෑවේද හිතේ සතුට සැහැල්ලූව සාමය විනෝදය පිණිසම මිස කාව හෝ පරදවන සිතින් හෝ දිනුමක් අත්කර ගන්නා අරමුණින් හෝ නොවේ. තමාට දැනුන ඒ සංතෘෂ්ඨිය අනෙකාටත් ලබා දෙන අරමුණින් ගුරුවෘත්තියට පිවිසෙන ඇය, ඉගැන්වීම යනු ළමයාගේ හදවත ඇහැරවීම බව දැඩිව විශ්වාස කළාය. එහෙම අරඹන ඇගේ ජීවිතයට අවුරුදු හැත්තෑහත සපිරෙන විට, මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින, මිනිසුන්ගේ දැනුවත් භාවය ඉහළ තබන්නට කැපවුණ, සාමය සතුට පිරුණ ලෝකයක් ගොඩ නඟන්නට වෙහෙසෙන, විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් දැනුවත් කරන, දැවන්ත සමාජ ක‍්‍රියාකාරිණියක ලෙස ලොවම හඳුනාගෙන ඇත. ඇය දේශබන්දු ජසීමා ස්මයිල් මහත්මියයි.
ලංකාවේ විශ්වවිද්‍යාලයක පළමු මුස්ලිම් ජාතික කාන්තා කුලපතිනිය වන්නේ දේශබන්දු ජසීමා ස්මයිල් මහත්මියයි. ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිනිය වන විට ඇය ලංකාවේ එම තනතුරට පත් දෙවන කාන්තාව වූවාය. පළමු කාන්තාව වන්නේ විමලා ද සිල්වා මහත්මියයි. ඇය ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිනිය වූවාය. කුලපති තනතුර හොබවන මේ කාන්තා චරිත දෙක එක් වකවානුවකදී එකම පාසලේ ගුරුවරියක හා විදුහල්පතිනිය විය. විමලා ද සිල්වා මහත්මිය කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වන විට ජසීමා ස්මයිල් මහත්මිය එහි ආරම්භක ඉංග‍්‍රීසි සාහිත්‍ය පිළිබඳ ගුරුවරිය වන්නීය. වයස අවුරුදු විසිඑකක් තරම් තරුණ වයසේදී ගුරුපත්වීමක් ලැබ ජසීමා ස්මයිල් මෙනවිය දේවිබාලිකාවට පැමිණීම හා එහිදී ඇයට විමලා ද සිල්වා විදුහල්පතිනිය මුණගැසීම ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ විශාල පරිච්ෙඡ්දයක ආරම්භයක් විය.
මේ චරිත දෙකම මෙරට අධ්‍යාපනය රටට එළිය වැටෙන තැනක තබන්නට කැපී පෙනෙන මෙහෙවරක් කළ බව ප‍්‍රකටය. මෙහි ඇති අපූරුම සිද්ධිය වන්නේ තම දෙමව්පියන් ගේ පෙරැුත්ත නිසා මිස, ජසීමා මෙනවිය එදා ගුරුපත්වීම බාර ගන්නේ කිසිම කැමත්තකින් නොවීමයි. එහෙත් දේවිබාලිකාවට පැමිණ වැඩබාර ගත් පසුව මේ ලෝකෙ තියෙන හොඳම රැුකියාව ගුරුවෘත්තිය බව ඇයට පසක් විණි. එහෙම හිතෙන්නේ ඒ පැමිණි ගමනේදී ඇයට මුණගැසෙන එක් චරිතයක් නිසා ය. ඒ අන් කිසිවකු නොව එවකට දේවිබාලිකා විදුහල්පතිනිය, විමලා ද සිල්වා මහත්මියයි.
අධ්‍යාපනය ලැබුවාට පසු ජීවිතයේදී නිරත වන රැුකියාව මඟින් රටට සමාජයට මෙහෙවරක් කළ හැකි විය යුතු ය යන්නත් ඒ සඳහා ජීවිතයට තමා පැතූ සතුට සැහැල්ලූව හා නිදහස අවශ්‍යය යන්නත් ඇය තරයේ විශ්වාස කළාය. ඇය ගරුවෘත්තියට මුළදී අකමැති වන්නේ ඒ රැුකියාව නිදහසේ සැහැල්ලූවේ කරන්නට තමන්ට අවස්ථාව නැති වේ යැයි කියාය. එහෙත් අයට මුණගැසෙන විමලා ද සිල්වා චරිතය ඒ බිය සැක මුළුමනින්ම නැති කරමින් මේ තරුණ ගුරුවරියට ඉගැන්වීමට අවශ්‍ය මානසික නිදහස ලබා දුන්නාය. එහි ප‍්‍රතිඵලය රටට ලෝකයට මහත් සේ වැඩදායක වූ බව දැන් රහසක් නොවේ. තම ජීවිතයේ ආදර්ශවත් චරිතයක් විදියට ඇය, විමලා ද සිල්වා මහත්මිය ගැන සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.
”ඒක එහෙම වෙන්න ලොකුම හේතුව තමයි එතුමිය හොඳ ගරුවරියක්. විදුහල්පති කෙනෙක් කියන්නෙ පොතේ පාඩමත් ජීවිතයේ පාඩමත් එක විදියට ළමයාටත් තමන් යටතේ ඉන්න ගරුවරුන්ටත් කියා දෙන්න පුඵුවන් ආදර්ශවත් චරිතයක් මිස කලමනාකරුවෙක්වත් පරිපාලකයෙක්වත් නෙමෙයි. පාසලේ කටයුතු කරනවිට විදුහල්පති වරයෙක් මුදල් කියන දේ අල්ලන්නම හොඳ නැහැ. එතන තමයි ඒ චරිතයේ වගකීම ඉටුකිරීම නොකිරීම කියන සන්ධිස්ථානය. මම මුළදි ඇත්තටම හිතුව ගරුවෘත්තිය හරිම ඒකාකාරී රාමුවකට කොටුවෙන රස්සාවක් වේවි කියල. විමලා ද සිල්වා ගරුතුමිය හමු නොවෙන්න ඇත්තටම එහෙම වෙන්න ඉඩ තිබුණ. අද තත්ත්වය නම් හරිම කණගාටු දායකයි. මුළු ක්‍ෂේත‍්‍රයම සතුට සැහැල්ලූව වෙනුවට පීඩනයෙන් ආතතතියෙන් වසාගෙන.”
ජසීමා ස්මයිල් මහත්මිය දේවිබාලිකා විද්‍යාලයේ වසර 19 ක් ගුරුවරියක ලෙස සේවයකොට වයස 40 දී මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය. එහි ඇගේ සේවා කාලය වසර 30 කි. ගරුවරියක හා විදුහල්පතිනියක ලෙස එම මෙහෙවර කරන අතරම ජාතික හා ජාත්‍යන්තර තලයේ සමාජ සේවා සංවිධාන සමඟත් රාජ්‍ය අංශයේ ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය හා සම්බන්ධවත් ජසීමා ස්මයිල් මහත්මිය කැපී පෙනෙන කාර්භාරයක් ඉටුකළාය. අදත් ඇය රාජ්‍ය නොවන අංශයේ සමාජ සේවා ආයතන කිහිපයකටම මූලිකත්වය දෙමින් කටයුතු කරන්නීය. ඒ හැම පාරක්ම ඇයට ඇරෙන්නේ ගරුවෘත්තියේදී ඇය, ළමයා දැනුමින් සන්නද්ධ කරන්නට පමණක් නොව මානුෂීය ගුණාංග පෝෂණය කෙරෙහිද අවධානය යොමු කරමින් ඉගැන්වීම යන්නට පුළුල් අරුතක් ලබාදීමේ ප‍්‍රතිඵල ලෙසටය.
”අද අධ්‍යාපනයත් වෙනස් වෙලා. අද හැම දෙයක්ම කරන්නෙ එක්කො විභාග පාස් කරන්න. නැතිනම් තරග වලින් දිනන්න. අපේ කාලෙ අපි හැම දේම කළේ හිතේ සතුට විඳින්න. අද ළමයින්ට එහෙම සතුටක් විඳින්න වෙලාවක් නැහැ. එක්කො ඉස්කෝලෙ යනව. නැතිනම් ටියුෂන් යනව. මොලය ම වෙහෙසනව. හදවතට ඉඩක් ඇත්තෙම නැහැ. අපේ කාලෙ පාසල් වෙලාවට පස්සෙත් ඉගැන්නුව. ඒත් අමතර මුදලක් අයකරල නෙමෙයි. අද වාගෙ ටියුෂන් විදියට නෙමෙයි. ගුරුවෘතිතිය ගැන හරි අවබෝධයක් ඇති අයෙකුට ඒ ගැන හොඳ වගකීමක් ඇති කෙනෙකුට ගුරුවෘත්තියේදි එහෙම කැපකිරීම් කරන්න ඕනෙ. එහෙම ගුරුවරු අද ක්‍ෂේත‍්‍රයට හිඟයි. ඒකටත් හේතු තියෙනව. ප‍්‍රධාන කාරණයක් තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය අනුග‍්‍රහය අඩු වීම.”
”අධ්‍යාපන අංශය එහෙම නැතිනම් පාසල රටට ලෝකයට වැඩදායක තැනක තබා ගන්නටනම් ඊට රාජ්‍ය අංශයේ නොමඳ අනුග‍්‍රහය ආශිර්වාදය ලැබිය යුතුමයි. රටේ අධ්‍යාපන අංශය නව දළු මල් ලා වැඩන්නට නම්, හොඳ ගරුවරුන් ගුරු වෘත්තියට එන්න නම් රාජ්‍ය මට්ටමේ ඉහළ අනුග‍්‍රහය හා ගෞරවය ඊට ලැබීම අත්‍යවශ්‍යයි. නමුත් අද ඒ තත්ත්වය ගැන සතුටු වෙන්න අමාරුයි. සමස්ථ අයවැය ගත්තොත් අධ්‍යාපනයට මේ තරම් සුළු මුදලක් වෙන්කරල කොහොමද හොඳ ගුරුවරුන් තියා ගන්නෙ. හොඳ ගුරුවරු කියන්නෙ ළමයාගේ හදවත ඇහැරවන්න පුළුවන් ගුරුවරු. එහෙම නැතිව විෂය කරුණු පොවල පොවල විභාගයට ඉහළ සමාර්ථ ලබාදීමට ම වෙහෙසීම ගරුවෘත්තිය නෙමෙයි. අද ළමයින් දනුම අතින් හුඟක් ඉහළයි. රටේ සාක්‍ෂරතාවත් හොඳයි. නමුත් මානුෂීය පැත්තෙන් ගත්තොත් ගුණගරුක බව අතින් ගත්තොත් අනෙකාට ගරුකරන යහපත්කම අතින් මොනතරම් දුප්පත් තැනකද අද ලාංකික සමාජය තියෙන්නෙ. දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරවයක් නැහැ. ඉතිං කොහොමද අනෙක් ජාතියකට තවත් ආගමකට ගරු කරන්නෙ. අප අමතක නොකළ යුතුයි. රටක් ගොඩනඟන්න පාසල හා අධ්‍යාපනය ඉතාම වැදගත් වෙනවා සේම අද අපට අත්‍යවශ්‍ය වෙලා තියෙන ජාතික ප‍්‍රතිසන්ධානයටත් වඩාත්ම වැදගත් වෙන්නෙ පන්ති කාමරය. එතනින් තමයි ජාතික සමගියට එහෙම නැතිනම් ප‍්‍රකිස්නධානයට හොඳ ම ආරම්භය ගන්න පුළුවන්.”
ප‍්‍රතිසන්ධානය මෙන්ම රට ගොඩ නැඟීම කියන කාරණා අධ්‍යාපනය මූලික කරගෙන හිත්න්නට තරම් මේ පවතින අධ්‍යාපනය මොනතරම් සුදුසුදු? පංතිකාමරය ප‍්‍රතිසන්ධානය සඳහා යොදා ගන්නට පළමුව පංති කාමරයේදී ළමයාට උගන්වන දේ මොනතරම් රටට සමාජයට වැදගත්ද? යනුවෙන් මතුවෙන ගැටළු ගැනද ජසීමා ස්මයිල් මහත්මිය කතා කළාය.
”ළමයාට ළමාකාලයත් ගුරුවරයාට නිසි වගකීමත් ලැබෙන අධ්‍යාපන ක‍්‍රමය කුමක්ද යන්නට විසඳුම් ඕන තරම් ඉදිරිපත් වෙලා ඇති. කාලයෙන් කාලයට විශේෂඥයන් බුද්ධිමතුන් අවශ්‍ය විසඳුම් මොනවද අඩුපාඩු හදා ගන්නෙ කොහොමද කියන කාරණා වලට විසඳුම් සොයල දීල තියෙනව. ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා ක‍්‍රියාත්මක කිරීම පමණයි. ඒ වගකීම තියෙන්නෙ ආණ්ඩුවට. නමුත් අපේ රටේ දේශපාලනය හැසිරෙන විදිය ගත්තොත් රටේ අධ්‍යාපනයට තමයි අඩුම සැලකිල්ල දාල තියෙන්නෙ. ඒ තත්ත්වය වෙනස් වුණොත් හුඟක් ගැටළු වලට විසඳුම් ලැබේවි. විශේෂයෙන්ම අද සමාජයට අවශ්‍ය ආකල්පමය වෙනස සඳහා හොඳම තැන මේ පංති කාමරය. ඉතිං එයින් ප‍්‍රයෝජන ගන්නට හිතනවනම් දේශපාලනය විසින් වසාදමන ලද, පංතිකාමරයේ ඒ දොර විවෘත කළ යුතුයි.
දැන් බලන්න මේ රටේ කාලයක් තිස්සෙ තිබුණු ලොකු ප‍්‍රශ්නයක් ඉවර වුණා. ඒ තමයි කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම. මේ සිද්ධියට ලැබුණ තැන දිහා බලන්න. ඊට ලැබුණෙ ‘සිංහල ජාතිය විසින් දෙමළව පරාජය කළා.’ යන අර්ථකතනය. නමුත් සිද්ධ වුණේ ඒකද? මේ ලංකාවෙ සියලූ දෙනාගෙම වුවමනාවක් වුණේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම. ඒ වුවමනාව ඉටුවුණා. ඊට හැමෝම දායක වුණා. යුද්ධයෙන් පරාද කළේ ත‍්‍රස්තවාදය මිස දෙමළ ජාතිය නෙමෙයි. මෙන්න මේ විදියට හිතන ආකල්ප වෙනසකට පංති කාමරය සූදානම් කළ යුතුයි. එවිට සමස්ථ අධ්‍යාපනයම හරි මඟට වැටේවි. එවිට අද්‍යාපනයෙන් රටට මීට වඩා විශාල යහපතක් වේවි.”

4 Responses to ප‍්‍රතිසන්ධානය පටන්ගන්න ඕනෙ පංති කාමරෙන්

  1. Tamara says:

    Full of sialent points. Don’t stop believing or writing!

  2. Erika says:

    What a neat article. I had no inkilng.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>