කොඩි ගහ යටදී නින්දෙන් අවදිවී ලියමි

Font Size » Large | Small


කැළණි ගඟින්  කොළඹට එගොඩවීම

උදයසිරි වික‍්‍රමරත්න

බලන දුර්ගයෙන් ඇතුළු වූ ඉංග‍්‍රීසීන්ට උඩරට රාජ්‍යය යටත් කරගැනීමට හැකිවිය. එහෙත් කොළඹ යටත් කරගැනීමට සිතා කැළණි පාලමෙන් කොළඹට එගොඩ වූ අයට කොළඹ යටත් කරගැනීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් කොළඹට යටත්වීමයි. නොඑසේනම් කොළඹ සිරකරුවන් බවට පත්වීමයි. මෙය මගේ කතාව පමණක් නොවේ යැයි සිතමි.

අප සිත් තුළ මැවී ඇත්තේ දේශීය සිහින නොවේ. ජාත්‍යන්තර සිහිනය. ජාත්‍යන්තර සිහින ජයගැනීමේ මඟ වැටී ඇත්තේ කොළඹ හරහාය. කොළඹ ජයගැනීමට පැමිණියේ කොළඹ නතරවීමට නොව ලොවම ජයගැනීමටය. එහෙත් සිදු වූයේ ජාත්‍යන්තරය පමණක් නොව ගමත් අහිමිව අප කොළඹ සිරකරුවන් බවට පත්වීමය. මෙය මගේ කතාව පමණක් නොවේ යැයි සිතමි.

පොඩි කාලයේ කොළඹ ඒම තවත් ගමනක් පමණක් විය. එනම් කොළඹ ගමන අපේ ජීවිත ඉරණම හා බැඳී පවතින බවක් අපට නොසිතිණි. ඔරං උටන් සිටින සත්තුවත්ත, සත්තුවත්ත තුළ තිබුණු සිහින ලෝකයක් වැනි මින්මැදුර, තල්මහගේ ඇටසැකිල්ල සහිත කටු ගේ, කොළඹ එන අතර වඳින්නට ගිය කැළණිය, මෙය අපට කොළඹ විය. එකල කොළඹ, පැමිණ බලා නරඹා විනෝද විය යුතු තැනක් මිස වාසස්ථානය කරගතයුතු ස්ථානයක් යැයි අපට නොසිතණි. එහෙත් පසුව කොළඹ අපට අපේ ජීවිත ඉලක්කයක් විය. කැළණි පාලමෙන් බස් එක එගොඩවීමත් සමඟ හදවතේ ගැස්ම මඳක් වැඩි වී කොළඹ ආවා යැයි හැඟීම ඇතිවන්නට වූයේ මෙසේ කොළඹ ඉලක්කයක් වූ පසුය. කොළඹ ජයගෙන ජීවිතය ජයගැනීම අපේ අරමුණක් බවට පත් වූ පසුවය. කැළණි◊ පාලම උඩින් මෙසේ පැමිණියේ මා පමණක් නොවේ යැයි සිතමි. එසේ පැමි◊ණි අය අපමණ යැයි සිතිමි. ඒ කිසිවෙකුුට කොළඹ ජයගැනීමට හැකිවූයේ යැයි ද නොසිතමි. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් ජීවිතාන්තය දක්වා බරපතල සිරදඬුවම් විඳින කොළඹ සිරකරුවන් වීම යැයි සිතමි. සමහරවිට ඔවුන්ගේ සිරදඬුවම ජීවිතයෙන් ද අවසන් නොවනු ඇත්තේ ජීවිතය භංග වූ අපේක්ෂාවන් සහිතව ඔවුන් ජීවිතයෙන් සමුගන්නා බැවිනි.
කොළඹ කාක්කන්ට කොළඹින් තොර සිහිනයක් නැත. එහෙත් අප කාක්කන් සේ නොවිය යුතු යැයි සිතමි. කොළඹට ඉගිලීමෙන් තොරව දෙපා පොළවේ තබාගෙන අනාගත සිහිනය දැකීමට අපට හැකිවන්නේ කවදාද ?
අප කොළඹට ආවේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයමිනි. අප කොළඹට ආවේ ප‍්‍රශ්නවලට පිළිතුරු කොළඹ ඇති බව සිතමිනි. මේ මගේ පමණක් කතාව නොවන බව දැනටමත් ඔබට වැටහී ඇතැයි සිතමි. එහෙත් කොළඹ වනාහී ප‍්‍රශ්න විසඳන තැනක් නොව ප‍්‍රශ්න අතුරුදහන් කරවන තැනක් යැයි සිතමි. ප‍්‍රශ්න ද සම`ග ඔබ ද අතුරුදහන් වන තැනක් යැයි සිතමි. කොළඹට පැමිණි දා සිට අපට අහිමිවන්නේ අපමය. කොළඹ අතුරුදහන් කරවන තැනක් යැයි කීවේ ඒ නිසාය. කොළඹට පැමිණ වසර කීපයක් ගතවන විට අපට කොළඹ හැම තැනක්ම හුරු පුරුදු වේ. කොළඹ 1 වනාහී කොටුව බවත් කොළඹ 3 වනාහී කොල්ලූපිටිය බවත් කොළඹ 10 වනාහී මරදාන බවත් කොටහේනට යා යුත්තේ 168 බසයෙන් බවත් බත්තරමුල්ල සෙත්සිරිපායට යා යුත්තේ බොරැල්ලෙන් 190 හා 174 බවත් තී‍්‍රවිලර් එකේ බොරැල්ල සිට ටවුන් හෝල් එකට රුපියල් සීයක් ගන්නා බවත් උඩුවේ හාමුදුරුවන්ගේ පංසල ඇත්තේ කිරුළපනේ බවත් නවලෝක මුදලාලිගේ නිවස ඇත්තේ හෝරටන් ප්ලේස් වටරවුම අසල බවත් ආදී වශයෙන් අප කොළඹ ගැන බොහෝ දේ දැනගනිමු. එහෙත් අප නොදන්නේ අපට හොයාගත නොහැකි වන පරිදි අප අතුරුදහන් වී ඇති බවය. කොළඹ අපට අවශ්‍ය ඕනෑම සාරියක් ඕනෑම කමිසයක් ඕනෑම කාර් එකක් සොයාගැනීමට හැකිවිය හැකිය. ඕනෑම චිත‍්‍රපටයක් නැරඹීමට හැකි විය හැකිය. එහෙත් අපට අප සොයාගැනීමට නම් නොහැකි වේ. මේ කොළඹ වපසරිය තුළ සිටින්නේ වාෂ්ප වූ මිනිසුන්ය.
එහෙත් ඛේදවාචකය එය නොවේ. මුΩළු රටේ ම ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නේ මේ කොළඹ සිටින වාෂ්ප වූ මිනිසුන් වීමය. මුළු රටේ ම ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට උත්සාහ කරන්නේ මේ තමාට තමා කවුද යන්නවත් සොයාගැනීමට නොහැකිව ඇති මිනිසුන් බවය. රටේ ම මිනිස්සු තමන්ගේ ප‍්‍රශ්නවලට විසදුම් බලාපොරොත්තු වන්නේ මේ තමාටවත් තමාව සොයාගැනීමට නොහැකි වූ මිනිසුන්ගෙන් බවය. වාෂ්ප වී ඇති මිනිසුන්ට කළ හැක්කේ ප‍්‍රශ්න විඳීම නොව ප‍්‍රශ්නත් වාෂ්ප කරවීම පමණි. එසේ කිරීමට කොළඹ මිනිසුන් දක්ෂය. කොළඹ ලංකාව ආණ්ඩු කරන්නේ එසේය. ලංකාවේ ප‍්‍රශ්න නොවිසඳී ගොඩගැසෙන්නේ ඒ නිසාය.
කැළ◊ණි ගෙඟන් එගොඩ වීමෙන් ප‍්‍රශ්නවලින් එගොඩවීමට නොහැක. කැළණි ◊ගෙඟන් එගොඩ වුවත් අපට තවමත් කැළණි ගෙඟන් නාගැනීමට නම් ලැබී නැත. ඒ නිසා මට කියන්නට ඇත්තේ කැළණි ගෙඟන් එගොඩවීමට නොව හැකිනම් කැළණි ගෙඟන් නාගැනීමට උත්සාහ කළ යුතු බවය.
අපට ප‍්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය නම් කොළඹ ගැන නොසිතා ප‍්‍රශ්නය දෙස ප‍්‍රශ්නයක් ලෙසින් බැලීමට උත්සාහ කළ යුතුය. අපේ දෙපා පොළව මත රඳවාගෙන ප‍්‍රශ්න දෙස බැලීමටත් ඒවා විසඳීමටත් උත්සාහ කළ යුතුය.
ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගෙන කොළඹ නොඑන්න. කොළඹින් ප‍්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තු නොවන්න. කොළඹ ප‍්‍රශ්න විසඳන තැනක් නොව ප‍්‍රශ්න වාෂ්ප කරන තැනකි.
අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ මෙයයි. ඔබේ ප‍්‍රශ්න අපේ ප‍්‍රශ්න විසඳාගැනීමේ පළමු පියවර කුමක් ද ?
එම ප‍්‍රශ්නවලට විසඳුම කොළඹ නැති බව අවබෝධ කර ගැනීම ය.

2 Responses to කොඩි ගහ යටදී නින්දෙන් අවදිවී ලියමි

  1. Wyeth says:

    That really captures the spirit of it. Thanks for ptosing.

  2. Maya says:

    Shoot, who would have tohhugt that it was that easy?

Leave a Reply to Maya Cancel reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>