පාසල වෙත යන නෑගමනේ අතර මඟ!

More »

රළු ගල් ගති සියපත් පෙති බවට හැරේ!

More »

දුම්බර කෙතේ වැට තාමත් තියේදෝ!

More »

 

සුන්දරත්වය නිසා වැනසෙන දුම්බර

කුසුම්සිරි විජයවර්ධන

මහරජ තොපට මෙන්ම සියලූු සිව්පා සතුන්ට ද පක්ෂීන්ට ද මේ දේශයේ විසීමට හා හැසිරීමට අයිතියක් ඇති බව මිහිඳු හිමි දෙවන පෑතිස් රජුට පැවසුයේ කි‍්‍ර. පූ. තුන්වන සියවසේදී ය. එහෙත් අද අපේ රටේ වනාන්තරවල සතා සතුන්ගේ පමණක් නොව ගහකොළවල ද ජීවත්වීමේ අයිතිය පැහැරගෙන ඇත. දුම්බර වනාන්තරය එ් අතරට අයත් ප‍්‍රමුඛ වනපෙතකි.
දුම්බර පරිසරය සහ කඳුවැටි විස්තර කරන ජනකවි රාශියක් එ් අවට පැතිර පවතී. එයින් හෙළිවන්නේ අතීත ගැමියා මේ වනාන්තරය දෙස ගෞරවයෙන් බැලූ බව නොවේද? ඔහු කිතුලක් මදිමින් හෝ හේනක් කොටමින් සිය ජීවිකාව වනාන්තරය ආශ‍්‍රයෙන් සරිකර ගත්තත් එය මහා පරිමාණයෙන් විනාශ කිරීමට පෙළඹුණේ නැත. එ් දුම්බර ගැමියා වනයට ආදරය කළ නිසා ය. මේ දුම්බර ගැන කියැවුණු ජනකවියකි.
ඌරුගල ද වෑගලකන්ද දුනුවිල
වෑතල නැමදගල මැදමහනුවරගල
සීත සුළං අසබඩ කන්ද රංගල
පාමුල ඉමේ උඩදුම්බර ලකේගල

අධ්‍යාපනය සමාජ සමානකරණ යාන්ත‍්‍රණයක් සේ

ලියනගේ අමරකීර්ති

අධ්‍යාපනය නිදහස් නූතන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම සමාජ සාධරණීකරණ යාන්ත‍්‍රනය බවට සැකයක් නැත. ශ‍්‍රී ලංකාව නූතන සමාජයක් ලෙස සංවිධානය වීමේ කාර්යත් නිදහස් සටනේම කොටසක් ලෙස පැවතුණ බව පෙනේ. නිදහස් ව්‍යාපාරයේ සියලූ දෙනා සැමටම සමාන අධ්‍යාපන අවස්ථා තිබිය යුතුය යන අදහස දැරුවේද යන්න විවාදාත්මක කාර්යක් බව ඇත්තය. එහෙත් දහනව වෙනි සියවසේ මුල සිටම වර්ධනය වූ නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ කතිකාව තුළ අධ්‍යාපනය විශාල මාතෘකාවක් විය. මේ කතිකාවට විවිධ පාර්ශ්වයන් සහභාගි විය. නූතන අධ්‍යාපනය හුදෙක් යටත්විජිත අධ්‍යාපනයක් යැයි ඇතැම් ජාතිකවාදීන් නගන තර්කය ආංශික තර්කයකි. එමගින් සීමාන්තික ජාතිකවාදීන් තම දේශපාලන ව්‍යාපෘති ඉදිරියට තල්ලූ කිරීමට තැත් කළත් අධ්‍යාපනය යන විෂය හුදෙක් යටත්විජිත ව්‍යාපෘතියේම කොටසක් නොවේ. එකල විවිධ තලවල බුද්ධිමත්තු අධ්‍යාපනය පිළිබඳ කතිකාවට දායක වූහ. යටත්විජිතවාදයට විරුද්ධ බටහිර බුද්ධිමතුන්, ලිබරල් අධ්‍යාපනය පිළිබඳ විමුක්තිකාමී අදහස් දැරූ කිතුණු බුද්ධිමතුන්, ජාතික නිදහස් කතිකාවේ යෙදී සිටි විවිධ පන්තිමය හා දෘෂ්ටිමය ආස්ථාන දැරූ බුද්ධිමතුන් මේ අධ්‍යාපනය පිළිබඳ කතිකාවේ කොටස්කරුවන් වී යැයි පෙනේ. ඒ අතර යටත්විජිතවාදියෝද මිෂනාරීහුද සිටියහ. එහි කිසිම සැකයක් නැත. එහෙත් අප රට නූතන අධ්‍යාපනය හුදෙක් යටත්විජිත ව්‍යාපෘතියකියි කීම යථාර්ථය අතිසරල කිරීමකි.

ඒලෙවල් සමඟ ජීවිතය ද ගොඩදැමීම

උදයසිරි වික‍්‍රමරත්න

මම ඒ ලෙවල් කළේ මෙයට අවුරුදු විසිහතරකට පමණ පෙරය. ඒ ලෙවල් කර අවුරුදු තුන හතරකින් පමණ කසාද බැන්ඳ නම් මට මේ වන විට ඒ ලෙවල් කරන දරුවන් ද සිටිය යුතුය. කෙසේ වුවත් තරමක ආඩම්බරයකින් කිවහැක්කේ ඒ ලෙවල් කෙසේ වෙතත් එන අවුරුද්දේ ඕ ලෙවල් කරන දැරියක නම් මට සිටින බවය.
ඒ ලෙවල් කර අවුරුදු විසිතුනකට පසුව මම නැවතත් ඒ ලෙවල් දරුවෙකුගේ මානසිකත්වය සොයායෑමට උත්සාහ කරමි. මෙය එතරම් අසීරු වූවක් ද නොවන්නේ අවශ්‍ය නම් කුමන වැඩිහිටියෙකුට වුවත් මොහොතකින් බිළිඳෙකු වීමට හැකි බැවිනි. එහෙත් එසේ බිළිඳෙකු වීමට හැකි වුවත් ඒ ලෙවල් දරුවෙකු වීම නම් එයට වඩා තරමක් අපහසුය. මක්නිසාද යත් ඒ ලෙවල් කාලය යනු අප බොහෝ දේ දැඩිව ග‍්‍රහණයට ගන්නා සමය වන බැවිනි. කොහොමත් යොවුන් හා තරුණ විය තරමක් අන්තවාදී වේ. පේ‍්‍රමය වෙනුවෙන් වැඩියෙන් ම ළතැවෙන්නෝ හා කරදර ≥දුක් කරදර ළඟාකරගන්නෝ අයිතිවන්නේ මේ වයස් කාණ්ඩයටය. පේ‍්‍රමය වෙනුවෙන් පමණක් නොව දේශපාලනය වෙනුවෙන් ද වැඩිම කරදර ළඟාකරගන්නෝ හා කැපකිරීම් කරන්නෝ අයත් වන්නේ මේ වයස්වලටය. ඒ අනුව යොවුන් විය යනු තරමක වේගවත් සමයකි.

එක් වෙමු ලංකා යාපනය සමුළුව

එක් වෙමු ශ‍්‍රී ලංකා මඟින් වාර්ෂිකව සංවිධානය කරන අනාගත නායකත්ව සමුළුවට මෙවර ජය බිම වී තිබුණේ යාපනය, වඩුක්කොඩෙයි හින්දු විද්‍යාලයයි. ඉකුත් අගෝස්තු 28 වැනිදා ඇරඹී, සැප්තැම්බර් 1 වැනිදා අති සාර්ථක ලෙස නිමාවට පත් වූ හතරවැනි අනාගත නායකත්ව සමුළුව, වැසි නැතිව පිපාසිත යාපනයට තවත් විදියක සොඳුරු වැස්සක් ම විය. මේ වැස්සෙන් ගලා ගියේ තරුණ ශිෂ්‍ය හදවත් වෙතින් උතුරා ගිය ආදරය දයාව කරුණාව සමගිය වේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්ව නියෝජනය කරමින් දිවයිනේ දසතින් යාපනයට රැුස්වූ මේ තරුණ පරපුර තමන් එකම මවකගේ දරු කැලක් ම බව අපූරුවට පසක් කළේය. දින පහකට පසුව විසිර යන මොහොත එළඹියාට පසුව ඒ සියලූ දෙනාගේම දෑස් ආදර කඳුලකින් තෙමී ගියේ ඒ සහෝදරත්වයේ තරම මොනවට පැහැදිළි කරමිනි. යාපනයට මෙන්ම මුළු මහත් දිවයිනටම අද වුවමනා වී ඇත්තේ එහෙම ආදර බැඳීමක සංහිඳියාවක් බව එකිනෙකා සමුගත් මොහොතේ ඒ සැම දෙනාගේම දෑස්වල ලියවී තිබිණි. අනාගත නායකයින් ලෙස ඔවුන් එකිනෙකා තම පාසලට නිවසට නෑදෑයින් අතරට රැුගෙන ගියේ අන්න එහෙම ප‍්‍රතිසංන්ධානයක අවශ්‍යතාවයයි. හදවතින්ම බැඳෙන්නට වුවමනා ප‍්‍රතිසන්ධානයක වුවමනාවයි. ඇත්තටම අද මුළු මහත් ශ‍්‍රී ලංකාවම පිපාසිතව ඇත්තේ එකිනෙකා තම හදවත් වලින්ම සන්ධානගත විය යතු බව කියවෙන, ඔවුනොවුන් හදවතින්ම එක්වෙමුයි පැවසෙන, සියලූම ජාතීන් ලක්මවගේ එකම දරු කැලක් බව වටහාගතයුතු යැයි ඉල්ලන මානුෂීය ඕනෑකමකින් නොවේද?