වෙනසක පුරෝගාමියෝ වැඩසටහන


සති අන්ත පුහුණුවක් නිම කිරීමෙන් පසුව, විවිධ ජනවාර්ගික, ආගමික හා භූගෝලීය පසුබිම්වල පාසල් එකට හවුල් වී, ඔවුන් කැමති ප්‍රජාවකට බලපෑම් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වැඩ කිරීම, විවිධ පාසල්වල ශක්‍යතාවන් එක්රැස් කිරීම තුළින් බිම් මට්ටමේ වෙනසක් ඇති කිරීම උත්ප්‍රේරණය කිරීම. මෙම වැඩසටහන ප්‍රතිසන්ධානය, නායකත්වය, අන්තර් වාර්ගික සංවාදය සහ ජාතියක් නැවත ගොඩනැඟීමේ පොදු වගකීම ඒකාබද්ධ කරයි.
සිසුන් එකට වැඩ කරන විට, ඔවුන් තම ප්‍රජාවන් දෙක අතර වඩාත් හවුල් අවශ්‍යතා සොයා ගන්නා අතර විශාල පරිමාණයෙන් ප්‍රතිසන්ධානය පිළිබඳ සංකල්පය වැඩි දියුණු කරන සබඳතා ගොඩනඟා ගනී. ශක්‍යතා ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා ව්‍යාපෘති හඳුනා ගැනීම, කළමනාකරණය, අරමුදල් රැස් කිරීම, මහජන සම්බන්ධතා යනාදී මූලධර්ම සිසුන්ට උගන්වනු ලැබේ. සුවිශේෂී ප්‍රජා ව්‍යාපෘති සඳහා මීළඟ අනාගත නායකයින්ගේ සම්මන්ත්‍රණ සම්මාන උළෙලේදී පිළිගැනීමක් සහ සුදුසු සම්මානයක් ලැබෙනු ඇත.
ප්‍රතිඵල
වසර ගණනාවක් තුළ රට පුරා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. සැලකිය යුතු ව්‍යාපෘති කිහිපයක් පහත දැක්වේ.
- කෑගලු විද්‍යාලය සහ මුලතිව් වත්‍රපාලයි මහා විද්‍යාල ප්‍රජා හුවමාරු වැඩසටහනක් සංවිධානය කළේය. ඒ හා සමාන හුවමාරු වැඩසටහනක් කොළඹ මෙතෝදිස්ත විද්‍යාලය සහ යාපනයේ වෙම්බඩි බාලිකා උසස් පාසල විසින් සංවිධානය කරන ලදී.
- මාතලේ සහිරා විද්‍යාලය සහ නුවරඑළිය රිපබ්ලිකන් ජාත්‍යන්තර පාසල,, ජාතිවාදයට එරෙහිව “එකාමෙන් සැමදෙන” යනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මහනුවරදී සංවිධානය කරන ලදී .
- ගාල්ල ඇලෝසියස් විද්‍යාලයීය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය විසින් එක්වෙමු ලංකා සංවිධානය පිළිබඳ දැනුවත් කිරීම සහ show you care නමින් දකුණු පළාතේ පාසල්වල වැඩමුළු 14 ක් පැවැත්වීමට කටයුතු කර ඇත.
- පුත්තලම සහීරා විද්‍යාලය සහ කුරුණෑගල රාජකීය ඉංග්‍රීසි පාසල් විසින් වෛරී ප්‍රකාශ කථනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයක් සහ “Think” පෝස්ටර් ව්‍යාපාරයක් පවත්වන ලදී.
- කොළඹ කාන්තා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එක්ව “ස්ට්‍රයිඩ් ටු රයිඩ්” නමින් පුණ්‍යායතනයක් සංවිධානය කිරීමට හවුල් වූ අතර, අරමුදල් රැස්කරනු ලැබුවේ එක්වෙමු ලංකා සංහිඳියා මධ්‍යස්ථානවල සිසුන් සඳහා බයිසිකල් මිලදී ගැනීමට යි.