සංහිඳියා මධ්‍යස්ථාන


අරමුණ
මෙම මධ්‍යස්ථාන හරහා අපගේ දැක්ම සෑම දිස්ත්‍රික්කයකම පැහැදිලිව පෙනී සිටීම සහ අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් වීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් වෙත තරුණයින් පොළඹවා ගැනීමයි. සංහිඳියාව , යුක්තිය සහ සමානාත්මතාවය ශ්‍රී ලංකාව තුළ සාක්ෂාත් කර ගැනීමට නම් එය පුළුල් ව්‍යාපාරයක් විය යුතුය. සාමය පිළිබඳ පණිවුඩය ප්‍රවර්ධනය කිරීමට සහ තිරසාර ප්‍රතිඵල අත්විඳීමට කොළඹ සහ ප්‍රධාන නගර ප්‍රමාණවත් නොවේ. බිම් මට්ටමේ තීරණාත්මක සෑම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය ප්‍රදේශවල බලගතු හඬක් තිබීම අත්‍යවශ්‍ය වේ.
අප සේවය කරන ප්‍රජාව සමඟ එක් වීමට අප බලාපොරොත්තු වෙමු, එසේ කිරීමෙන් අපගේ විශ්වසනීයත්වය සහ ප්‍රජාවට බලපෑම් කිරීමේ හැකියාව වැඩි වන බව අපි විශ්වාස කරන අතර ප්‍රජාවෙන් ඉගෙනීමේ හැකියාව, ඔවුන් අතර ජීවත්වීම, අපගේ උපරිමයෙන් ඔවුන්ට සේවය කිරීමේ බලය අපි මේ වන විට දැක ඇත්තෙමු. වසර ගණනාවක් තිස්සේ වර්ධනය වී ඇති මෙම සබඳතා ජනවාර්ගික හා ආගමික වශයෙන් ඔවුන්ට උරුම වූ අගතියට අභියෝග කිරීමටත්, වෙනත් කලාපවල අපගේ සංහිඳියා මධ්‍යස්ථාන වුවද තවත් ප්‍රජාවන් සමඟ මිත්‍රත්වය හා සම්බන්ධතාවය ඇති කිරීමටත් අපට විශාල අවස්ථාවන් ලබා දි ඇත.
උපායන්
- අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් වීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක නිරත වීමට තරුණයින් පොළඹවා ගැනීම අපගේ අරමුණයි.
- මෙම මධ්‍යස්ථාන ව්‍යවසායකත්වය, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙයි.
- මෙම මධ්‍යස්ථාන පුළුල් ප්‍රජාවක් සඳහා ප්‍රජා මධ්‍යස්ථානයක් බවට පත්වන අතර ප්‍රජාවේ තරුණ තරුණියන් සාමය ගොඩනැංවීම සහ අවිහිංසාව පිළිබඳව පුහුණු කරයි.
- මෙම ප්‍රජාවන්හි තරුණ තරුණියන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සඳහා විවිධ වෘත්තීය මාර්ගෝපදේශන සහ වෘත්තීය පුහුණු වැඩමුළු නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
- ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සමඟ වෙනත් මධ්‍යස්ථාන සමඟ සංහිඳියා මධ්‍යස්ථානය සම්බන්ධ කිරීම. ගම්මාන එකට සම්බන්ධ කරන්න (උදා: මාතර කඹුරුපිටිය සහ මුලතිව්හි මුල්ලියාවලෙයි ගම්මාන).
ප්‍රතිඵල
- එක්වෙමු ලංකා හි මාතර, මුලතිව් , කල්මුනයි, මොණරාගල , නුවරඑළිය , පුත්තලම්, මඩකලපුව සහ මීගමුව යන නගරවල සංහිඳියා මධ්‍යස්ථාන අටක් පිහිටුවා ඇත.
- අපගේ මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන වාර්ගික පරිවර්තනය හා සංහිඳියා වැඩමුළු සඳහා ප්‍රජා සහභාගීත්ව වැඩසටහන් 100 කට අධික සංඛ්‍යාවක්.
ඊළඟ පියවර සහ ඉලක්ක
- වෘත්තීය පුහුණු වැඩසටහන් හඳුන්වා දීම.
- ඉදිරි වසර දෙක තුළ මෙම ප්‍රජාවන් තුළ රැකියා 100,000 ක් ඇති කිරීමට අපේක්ෂා කිරීම.
- සිසුන්ට අන්තර්ජාලය හරහා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගැනීම සඳහා මාර්ගගත (online) උපාධි ලබා දෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ හවුල්කාරිත්වයක් ඇති කිරීම.
- ඉහළ කාර්ය සාධනයක් ඇති සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සඳහා කලාපයේ විශ්ව විද්‍යාල සමඟ හවුල්කාරිත්වයක් ඇති කිරීම.
- ජනවාර්ගික දැනුවත්භාවය සහ කම්පනය සුව කිරීම, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය සහ ජනවාර්ගික රේඛා හරහා සත්‍ය කථා කිරීමේ ක්‍රමයන් ඇති කිරීම. (වෙනත් සංහිඳියා මධ්‍යස්ථාන සමඟ සහයෝගයෙන්).
- සෑම දිස්ත්‍රික්කයකම දුගී දුප්පත් කලාපවල සංහිඳියා මධ්‍යස්ථානය පිහිටුවීම.