අනාගත නායකයින්ගේ සමුළුව


දිවයිනේ බොහෝ පාසල් ආගම්, ජාති, සමාජ ආර්ථික පසුබිම මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය වැනි රේඛා අනුව පවා බෙදී පවතී. අනාගත නායකයින්ගේ සමුළුව විසින් අපතුළ පවතින පූර්ව මතයන් වර්ධනය වීමට හා සමෘද්ධිමත් වීමට ඉඩ සලසයි. සැබෑ ජීවිත අත්දැකීම් මගින් අප තුල ඇති පූර්ව මතයන්ගෙන් මිදිය හැකි බව අපි විශ්වාස කරමු. දින පහක මෙම නේවාසික සමුළුව සැලසුම් කර ඇත්තේ ආරක්ෂිත පරිසරයක් සහ ඍණාත්මක ඒකාකෘති බිඳ දැමීමේ හැකියාව වැඩි කරන ආකර්ෂණීය අත්දැකීම් සහ යම් ප්‍රජාවක් කෙරෙහි පවතින වෛරයට අභියෝග කිරීම සඳහා ය. සමුළුවේදී සිසුන්ට ජනවාර්ගික, ආගමික හා සමාජ ආර්ථික රේඛා ඔස්සේ ජීවත් වීමට, ඉගෙනීමට හා වර්ධනය වීමට මඟ පෙන්වනු ලැබේ.
අවසාන අරමුණ වනුයේ සංහිඳියාවේ තානාපතිවරුන් ලෙස සේවය කරන ශිෂ්‍ය නායකයින් බිහිකිරීම සහ ශ්‍රී ලංකාව තුල සෑම දිස්ත්‍රික්කයකම ධනාත්මක වෙනසක් ඇති කිරීමයි. වාර්ෂිකව සමුළුව රටේ විවිධ කලාපයන්හි පැවැත්වේ.
උපායමාර්ගය
- ජනවාර්ගික හා ආගමික වශයෙන් ධනාත්මක හා ප්‍රබෝධමත් අත්දැකීම් ලබා ගැනීම සඳහා ආකර්ෂණීය අත්දැකීම් නිර්මාණය කිරීම.
- ශ්‍රී ලංකාවේ විවිධත්වයේ සුන්දරත්වය හා පොහොසත්කම නිරූපණය කිරීම.
- වැඩසටහනේ අන්තර්ගතය හරහා එක්වූ ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ලබා ගැනීම.
- තම තමන්ගේ ප්‍රජාවන්හි දුක්ගැනවිලි හා අභිලාෂයන් බෙදා ගැනීමට ආරක්ෂිත ඉඩක් සැදීම.
- විවිධ පසුබිම්වලින් පැමිණි තරුණයන් ලෙස තවත් බොහෝ දේ ඉටු කිරීමේ බලය නිරූපණය කිරීම.
- ප්‍රතිසන්ධානය, අවිහිංසාව සහ ඔවුන්ගේ ප්‍රජාවන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමට ඔවුන් දිරිමත් කිරීම.
ප්‍රතිපල
- පසුගිය වසර අට තුළ ශිෂ්‍ය නායකයින් 3200 කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුව තුලින් අත්දැකීම් ලබා ඇත.
- සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස පාසල්වල එක්වෙමු ලංකා සමාජ 150 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.
- එම ශිෂ්‍ය සමාජ එක්වෙමු ලංකා ශිෂ්‍ය මාර්ගෝපදේශ පොත් අනුගමනය කරන අතර ඔවුන්ගේ ප්‍රජාවන් තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.
- “වෙනසක පුරෝගාමියෝ” වැඩසටහන යටතේ ව්‍යාපෘති 75 කට අධික ප්‍රමාණයක් (විවිධ ප්‍රජාවන්ගෙන් යුත් පාසල සමඟ) වසරක් පුරා පවත්වා ඇත.